31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිකිරීම් ක්ෂේත්‍රයේ හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට පියවර

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට පියවර

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් සමඟ අද (23) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුව ඇති බව අමාත්‍යවරයා කීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් රැක ගත නොහැකි වුවහොත් ඉදිරි වසර දෙක තුන තුළ විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.