― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසක්විතිට කොළඹ මහාධිකරණයෙන් ලැබුණු නියෝගය

සක්විතිට කොළඹ මහාධිකරණයෙන් ලැබුණු නියෝගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 14 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවන් කිහිප දෙනෙකු වරද පිළිගැනීමට සූදානම්ව සිටින බවයි.

විත්තිකරුවන් විසින් තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා.

එම වාර්තාව අධ්‍යයනය කර මුදාහළ හැකි විත්තිකරුවන් හා අධි චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳ දැනුම්දීම සඳහා සති 06ක කාලයක් දැනුම් දෙන ලෙස රජයේ නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව නඩුව ලබන මාර්තු මස 14 කැඳවන ලෙස අධිකරණය නියම කළ විනිසුරුවරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළා.