30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුමිත් කුමාර උඩවාසලගේ කුරුණෑගල නගරාධිපති ධුරයට

සුමිත් කුමාර උඩවාසලගේ කුරුණෑගල නගරාධිපති ධුරයට

ඊයේ (22) වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ අතින් කුරුණෑගල මහ නගර සභාවේ පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා සුමිත් කුමාර උඩවාසලගේ වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කර තිබුනා.

කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුවයි මෙම පුරප්පාඩුව පැවතුනේ.

නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් අයි.එම්.ඉලංකෝන් , කුරුණෑගල නාගරික කොමසාරිස් ඒ.බී.සී.ආලෝක බණ්ඩාර, වයඹ පළාත් පාලන කොමසාරිස් එස්.එච්.කේ.ජයලත් මහත්වරු සමඟ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වි සිටි බවයි වාර්තා වන්නේ.