31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋසස් පෙළ ආරක්ෂාවට පොලිසියෙන් 1,625ක්

උසස් පෙළ ආරක්ෂාවට පොලිසියෙන් 1,625ක්

අද (23) සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඒ අනුව විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛන ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇත.

මීට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හිදී දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක වන ජංගම සංචාර, යතුරුපැදි සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මේ වන විටත් උපදෙස් ලබා දී තිබේ.