27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් නොමිලේ දුන්න ඩීසල් බෙදන්න මිලියන 122ක් වැය වෙනවලු

චීනයෙන් නොමිලේ දුන්න ඩීසල් බෙදන්න මිලියන 122ක් වැය වෙනවලු

‍චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 122ක් රජය මගින් වැය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මෙම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි.

මීට අවශ්‍ය මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම වසරට ලැබීමට නියමිත මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ මුදල ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කළේය.