― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතංගල්ලේ සංචාරක නිකේතනයක් තුළ අවසන් ගමන් ගිය තරුණ යුවළ

තංගල්ලේ සංචාරක නිකේතනයක් තුළ අවසන් ගමන් ගිය තරුණ යුවළ

තංගල්ල, මැදකැටිය, මුහුදු මාවතේ පිහිටි සංචාරක නිකේතනයක කාමරයක් තුළ ඊයේ (22) රාත්‍රියේ ගෙළ වැළලාගෙන තරුණ යුවළක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ වයස අවුරුදු 17ක තරුණියක් සහ 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති තරුණයා අදාළ සංචාරක නිකේතනය භාරව සිටි තැනැත්තා වන අතර තරුණිය අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා ඊයේ පස්වරුවේ ත්රුනයියගේ නිවස පිහිටි අම්බලන්තොට ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගොස් ඇයව කැඳවාගෙන සංචාරක නිකේතනය වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ගෙළ වැළලාගැනීමට පෙර ඔවුන් දෙදෙනා ලිපියක් ද ලියා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.