31.1 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිදහස් දින සැමරුමට ඉදිකරන වේදිකාවේ කණුවල හිරුණිකා කළු පටි බඳී

නිදහස් දින සැමරුමට ඉදිකරන වේදිකාවේ කණුවල හිරුණිකා කළු පටි බඳී

රටේ නොවිසඳුණු ප්‍රශ්න හමුවේ රුපියල් මිලියන 200ක් වියදම් කර නිදහස් දිනය පැවැත්වීමට විරෝධය පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින වේදිකා කණුවල කළු පටි බැඳ විරෝධතාවයේ නිරත වූ ඇය ඉල්ලා සිටියේ මේ සඳහා සියලු දෙනා සහයෝගය ලබා දිය යුතු බවයි.

නිදහස් දින උත්සවය පැවැත්වෙන තෙක් එහි කණුවල සහ කම්බිවල කළු කොඩි බැඳ විරෝධතාවයේ නිරත වන ලෙසත් ඉල්ලා සිටියාය.

රට ආර්ථික වශයෙන් අගාධයට වැටී ඇති මෙවන් මොහොතක දරුවන්ට කන්නට කෑමක් නොමැති බවත් ජනතාව පීඩාවට පත්ව සිටින බවත් රජයේ මෙම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය අවධාරණය කළාය.