27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිධානයකින් පුරාවස්තු ලබාගත් තිදෙනෙක්ට වැඩ වරදියි

නිධානයකින් පුරාවස්තු ලබාගත් තිදෙනෙක්ට වැඩ වරදියි

ඊයේ (22) කළුතර උතුර පොලිස් වසමේ පිහිටි හෝටලයක රථ ගාලක් අසලදී පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර තිබෙනවා.

මෙම වැටලීමේදී නිධානයකින් ලබා ගත් බවට සැක කෙරෙන පුරාවස්තු විකිණීම සඳහා ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සෞඛ්‍ය හේතුන් මත යුධ හමුදාවෙන් විශාම ගැන්වු වයස අවුරුදු 34 ක හමුදා සෙබළෙක් වන අතර අනෙක් දෙදෙනා වයස අවුරුදු 36ක් හා 42 ක් වන ගන්දර හා කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීමේදී මෙම භාණ්ඩ කෝටි 03 කට අලෙවි කිරීමට සුදානම් කර තිබු බව අනාවරණය වි තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර උතුර පොලිසිය හා පානදුර මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.