26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක කුසලාන සංචාරයේ දී වැරදි සිදුවෙලා තියෙනවා නම් ඒවාට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා...

ලෝක කුසලාන සංචාරයේ දී වැරදි සිදුවෙලා තියෙනවා නම් ඒවාට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා – ක්‍රීඩා ඇමති

ඕස්ට්‍රේලියාවේදී නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතුවූ විවිධ චෝදනාවන්ද “බෝන් අගේන්” ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන බලපෑම ද පරීක්ෂා කිරීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අදහස් දක්වා සිටියා.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ ඕස්ට්‍රේලියා වාර්තාව පරීක්ෂාකර බලා වැරදි සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

“ඕස්ට්‍රේලියා වාර්තාව මට ලැබුණා. නමුත් මම වයඹ පළාතේ, උතුරු පළාතේ, උතුරු මැද පළාතේ වැඩ කටයුතුවල නිරත වෙලා හිටියේ. ඉතින් මම මේ වාර්තාව වෙන කෙනෙකුගෙන් උපදෙස් නොගෙන, මම ම කියවලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වැරදි සිදුවෙලා තියෙනවනම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් තීරණ ගන්නවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ එහි නිර්දේශයන් හා නිගමනයන්ට අනුව ඉදිරියේ දී ක්‍රීඩාවේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙනුත් ක්‍රීඩකයින්ගේ දියුණුව සහ අනාගතය වෙනුවෙනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවයි.