30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය සේවකයෝ වරාය පිවිසුම වටකරති

වරාය සේවකයෝ වරාය පිවිසුම වටකරති

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් අද (23) කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසළදී පැවැත්වුණා.

විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටි අතර ඒ හේතුවෙන් කොළඹ පළමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයින් අද (23) කළු ඇඳුමින් සැරසී, කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (23) සිට ආරම්භ කළ සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත්කිරීමට සහාය පළ කරමින්.

එමෙන්ම මීට සහාය පළකරමින් බැංකු සේවකයින්ද කළු ඇඳුම්වලින් සැරසී අද දිනයේ සේවයට වාර්තාකර තිබුණා.