22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇමති කංචනව ඉවත් කරන්න

විදුලි ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇමති කංචනව ඉවත් කරන්න

දරුවන් සමඟ හෝ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට මෙය සුදුසු කාලයක් නොවන බවත් විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය සැපයීමට ඉන්ධන මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වැයවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කරන ප්‍රකාශ සාවද්‍ය බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) කොළඹදී පවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව දැනුම නැති අමාත්‍යවරයා ඉවත් කර දැනුම ඇති අමාත්‍යවරයෙක් පත්කර අදාල ආයතන අතර සාකච්ඡාවක් කර ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලයේදී රටේ සියලුම ජනතාව විදුලි පරිභෝජනය යම්තාක් දුරටත් අඩු කර රජය, විදුලිබල මණ්ඩලය සහ මහා භාණ්ඩාගාර අනිවාර්යෙන්ම සහයෝග දී අනාගත පරම්පරාවට මේ අවස්ථාවේදී සහයෝගය දියයුතු බවත් විභාගය කාලයේදී පස්වරු 3.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේදී පමණක් විදුලිය කැපීම මගින් ද විදුලිබල මණ්ඩලයට සහයෝගය දැක්විය හැකි බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.