30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා අද සෞදි අරාබියට

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා අද සෞදි අරාබියට

සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි අද (23) සිට 27 දක්වා සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර, එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත. අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිත ය.