27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිභාග සමයේදී විදුලි පරිභෝජනය අඩු කරන්නැයි ඉල්ලීමක්

විභාග සමයේදී විදුලි පරිභෝජනය අඩු කරන්නැයි ඉල්ලීමක්

උසස් පෙළ විභාගයේ විදුලි පරිභෝජනය අවම කිරීමට පියවර ගන්නා ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විභාග කාලසටහනේ විභාග පැවත්වෙන කාලය තුළ හා රාත්‍රි කාලයේදී විදුලිය විසන්ධි කිරීම නිසා විභාග අපේක්ෂකයින් අපහසුතාවට හා දුෂ්කරතාවයට පත් වන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් උසස් පෙළ විභාගය සාර්ථකව පැවත්වීමට විදුලිය විසන්ධි කිරීමෙන් වැළකීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර විදුලිබල මණ්ඩලය උපයෝගීතා කොමිසමට දන්වා ඇත්තේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් බවයි.

ඒ අනුව ජනක රත්නායක පවසන්නේ දැයේ දූ දරුවන් වෙනුවෙන් විභාගය පවත්වන කාලය තුළ විදුලි ඉල්ලුම අඩුකිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම විභාග පැවත්වෙන කාලය තුළ (කාර්ය බහුල වේලාවන්හිදී) වායුසමීකරණ යන්ත්‍ර භාවිත නොකිරීම හා වෙනත් ආකාරයන්ගෙන් විදුලි පරිභෝජනය අවම කිරීමට ක්‍රියාකර විදුලි ඉල්ලුම අඩු කරන්නැයි කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.