ශ්රී ලංකාවෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙක් සරණාගතයින් ලෙස තමිල්නාඩුවට ගොස් තිබෙනවා.
ඔවුන් ඊයේ (22) උදෑසන කිලිනොච්චියේ සිට ෆයිබර්ග්ලාස් බෝට්ටුවකින් පිටත්ව ඇති අතර අද අලුයම ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත ළඟා වී තිබේ.
මොවුන් එකම පවුලේ පුද්ගලයින් 5 දෙනෙක් වන අතර රාමේෂ්වරම් අසළ සේරංගොට්ටෙයි වෙරළ තීරයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.