― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශාෆ්ටර්ගේ මරණයට හේතුව මෙතෙක් නිගමනය කර නැහැ

ශාෆ්ටර්ගේ මරණයට හේතුව මෙතෙක් නිගමනය කර නැහැ

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (23) විවෘත අධිකරණයේ සඳහන් කළා.

අදාළ පරීක්ෂණය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියා.

මෙම මරණයට අදාළව විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම අප්‍රසිද්ධියේ සිදු කරන ලෙස මියගිය අයගේ පාර්ශවයෙන් ද ඉල්ලීමක් ලැබුණු බව මහේස්ත්‍රාත්වරිය පැවසූවා.

ඒ නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිය නිල කාමරය තුළ පැවත්වීමට තීන්දු කළ බවත් ඇය මෙහිදී කියා සිටියා. එමෙන්ම දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට අදාළ විමර්ශන වලට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී තිබෙන බවත් මහේස්ත්‍රාත්වරිය අද සඳහන් කළ අතර, මෙම මරණයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සිදු කෙරුණු අතර එහි දී මියගිය ශාෆ්ටර්ගේ සොහොයුරා ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 08 වනදා දක්වා කල් තැබුණා.