― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසංචාරකයින් යුවළ නිදා සිටියදී කබානාව තුළට රිංගා ඩොලර් 800ක් හොරකම් කරලා

සංචාරකයින් යුවළ නිදා සිටියදී කබානාව තුළට රිංගා ඩොලර් 800ක් හොරකම් කරලා

තිස්සමහරාම යෝධ වැව අයිනේ පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800ක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනවාරි මස 19 වනදා එම විදෙස් යුවළ නිදාසිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබුණි.

ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එහිදී සැකකරුවන් විසින් පැහැරගත් ඩොලර් 780ක මුදලක් ද සොයාගෙන තිබේ.

සැකකරු සිපර් එකක් යොදා වසා තිබූ කබානාව තුළට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ සංචාරක යුවළ නිදා සිටි බවත් පසුව එහි තිබූ කුඩා බෑගයකින් අදාළ මුදල් සොරාගත් බවයි සැකකරු පොලීසියට පවසා ඇත්තේ.

සැකකරුවන් අද දින තිස්සමහාරාමය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම මුදල් අදාළ සංචාරකයින්ට ලබාදීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.