30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා බස් රථයට බිලි වූ මල් කැකුළ

රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා බස් රථයට බිලි වූ මල් කැකුළ

පාසල් සේවය බස් රථයකට යටවීමෙන් අවුරුදු 06ක් පමණ වයසැති පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ  පදිංචි අලුත්ගම , දරුසලාම් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසර අධ්‍යාපනය ලබමින් සිටි දැරියකුයි.

මෙම දැරිය අද දහවල් පාසල අවසන්ව මවගේ උපදෙස් මත පාසල් සේවා බස් රථයකින් සිය මිත්තනියගේ නිවස කරා පැමිණ තිබෙන අතර බස් රථයෙන් බැසීමට යාමේ දී බිමට ඇදවැටී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරසන්ගස්වැව පොලිසිය පවසන්නේ බිමට ඇදවැටුනු දැරිය එම බස් රථයේම පිටුපස රෝදයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් පරසන්ගස්වැව පොලිසිය විසින් එම රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.