― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsවයෝවෘද්ධ මවකට රැකවරණය දුන් බණ්ඩාරගම පොලීසිය

වයෝවෘද්ධ මවකට රැකවරණය දුන් බණ්ඩාරගම පොලීසිය

බණ්ඩාරගම රයිගම ගුන්ගමුව ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් අසළ අතරමංව සිටි වයෝවෘධ මවකට රාත්‍රී රැකවරණය ලබා දීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර තිබුනා.

ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා සිදු කළ දැනුම්දීමට අනුවයි පොලිසිය ක්‍රියාත්මක වී තිබුනේ. එම වයෝවෘද්ධ මවගෙන් සිදු කළ කරුණු විමසීමේදී ඇය පාදුක්ක ප්‍රදේශයේ තැනැත්තියක් බව ප්‍රකාශ කළ බව පොලිසිය පවසනවා.

වයෝවෘද්ධ මව කිසියම් අයකු ගෙනත් දැමූ අයෙක්ද නැතහොත් ඇයට නිසි කල්පනාවක් නොවීමෙන් ඉබාගාතේ ඇවිද ආවාද යන්න නොදන්නා බව ප්‍රදේශවාසීන් පවසයි.

එම මව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් පොලිස් කැබ් රථයේ නංවා ගෙන පොලිසියට රැගෙන ගොස් රැය පහන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කටයුතු කිරීමට බණ්ඩාරගම පොලිසිය කටයුතු කර ඇති අතර ඇයගේ ඥාතීන් සොයා භාර දීමට කටයුතු කරන බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.