― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඇමති ඩග්ලස් ඝාතනය කිරීමට තැත් කළ කාන්තාවකට මරණ දඬුවම

ඇමති ඩග්ලස් ඝාතනය කිරීමට තැත් කළ කාන්තාවකට මරණ දඬුවම

කොල්ලුපිටියේ පිහිටි අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජයරානි නමැති බෝම්බකාරියගේ සහකාරියක වූ සෙල්ව කුමාරි සත්‍යලීලාට අභියාචනාධිකරණය විසින් ඊයේ (23) මරණ දඬුවම නියම කළේය.

2004 ජූලි 07 වැනිදා ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා ඝාතනය කිරීමේ අරමුණින් කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

පිපිරීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු 4 දෙනෙක් මිය ගියහ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් වරදකාරිය ලෙස හඳුනාගෙන සිටි සෙල්ව කුමාරි සත්‍යලීලාට වසර 15කට අත්හිටවූ වසර 2ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් දැනටමත් නියම කර තිබුණි.

ඊයේ කොළඹ අභියාචනාධිකරණය ඇයට මරණ දණ්ඩනය නියම කරමින් තීන්දුවක් ලබා දුන්නේය.