27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළ කරන්න ගිය නවක සිසුවාට පාසලේදී අත්වූ ඉරණම

උසස් පෙළ කරන්න ගිය නවක සිසුවාට පාසලේදී අත්වූ ඉරණම

කළුතර විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීමට පැමිණි නවක සිසුවෙකුට විද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා මේවන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පහරකෑමට ලක්වු සිසුවාගේ මව්පියන් පවසන්නේ රුපියල් 20ක් ඉල්ලා සිදුකළ මෙම පහරදීමෙන් සිසුවාගේ මුහුණට බරපතල තුවාල සිදුවී ඇති බවය.

අදාල සිසුවා පසුගිය 16 වැනිදා උසස් පෙළ හැදැරීම සඳහා කළුතර විද්‍යාලයට ඇතුළත් වූ අතර පළමු දිනයේදී පාසලට පැමිණි පංතියේ සෙසු සිසුන් විසින් රුපියල් 20 ක මුදලක් ඉල්ලා තිබේ.

එම මුදල ලබාදීමට නොහැකි බව පැවසීමත් සමග මුදල් ඉල්ලූ සිසුන් විසින් දරුවාට පහරදී ඇති බවයි මව්පියන් පවසන්නේ,

මෙම පහරදීම නිසා සිසුවාගේ ඇස අවට ඉදිමී ඇති අතර නාසයෙන් රුධිරය ද වහනය වීම හේතුවෙන් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණි සිසුවාගේ නාසයෙන් තවදුරටත් රුධිරය වහනය වීම හේතුවෙන් තම දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව නිම්න රන්මාල් ශල්‍යකර්මයකට භාජනය කර මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පහරදීම සම්බන්ධයෙන් සිසුවාගේ මව්පියන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පැමිණිලි කළ ඇති අතර එහිදී පහරදුන් සිසුන් 03 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.