27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාග දීමනාව වැඩි කරන්නැයි ගුරුවරු ඉල්ලයි

උසස් පෙළ විභාග දීමනාව වැඩි කරන්නැයි ගුරුවරු ඉල්ලයි

උසස් පෙළ විභාගයට අදාළ රාජකාරිවල නිරත ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනට ලබාදෙන දීමනා ප්‍රමාණවත් නොවන බව පවසමින් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ජෝසප් ස්ටාලින් මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවස්ථා කිහිපයකදීම කියා සිටියේ විභාග ආශ්‍රිත රාජකාරි සඳහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දීමනා වැඩි කරන බවයි. නමුත් අද වෙනකම් ඒක වැඩි වෙලා නැහැ. උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ වූ අතර විභාග මධ්‍යස්ථාන හොඳින් ක්‍රියාත්මකයි. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ විභාගය පැවැත්වීමට උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන සලකා බලා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලබාදෙන දීමනා වැඩි කරන්න කියලා අපි අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.