― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගෘහස්ථ ගෘහපාලන සහායිකා ලෙස විදේශ ගතවන කාන්තාවන්ට දැනුම්දීමක්

ගෘහස්ථ ගෘහපාලන සහායිකා ලෙස විදේශ ගතවන කාන්තාවන්ට දැනුම්දීමක්

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා ප්‍රථමවරට විදේශ ගතවන කාන්තාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශය විසින් දැනට ලබාදෙන පුහුණු පාඨමාලාව දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටමද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. 

ඒ අනුව දින 25ක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර, දින 3ක්  NVQ (ජාතික වෘත්තිය සුදුසුකම) ඇගයීමේ කටයුතු සඳහා වෙන්කර ඇත.

මෙයට අමතරව 2023 වසරේ අප්‍රේල් 1 දින සිට ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදේශ ගතවන කාන්තාවන් කාර්යාංශ පුහුණුව සමග වෘත්තිය මට්ටමේ ඉහළ වටිනාකමකින් යුතුව, NVQ 3 සහතිකය සහිතව විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් විය යුතුය.  

මෙහිදී, මේ වන විට කාර්යාංශ පුහුණුව ලබා ඇති කාන්තාවන් සඳහා සහ 2023 ජනවාරි 31 දින හෝ එදිනට පෙර පුහුණුව සම්පූර්ණ කර ඇති කාන්තාවන් සඳහා මෙම කොන්දේසිය අදාළ නොවේ.

ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව මනා පුහුණුවකින් යුතු ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නංවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලබාදුන් උපදෙස් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවට කාර්යාංශය නිවේදනය කරයි.