ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
දෙහිවල, ගල්කිස්ස මහනගර සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මෙලෙස දයාසිරි ජයසේකරගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් නාමයෝජනා භාරදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර පැවසුවේ හෙට (24) දිනයේදී මේ පිළිබඳව අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකරන බවයි.