27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිදහස් දිනය දා කළු කොඩියක් ඔසවන්න - මිහින්තලා විහාරාධිපති

නිදහස් දිනය දා කළු කොඩියක් ඔසවන්න – මිහින්තලා විහාරාධිපති

එළඹෙන 75 වන නිදහස් දින සැමරුමේදී වත්මන් පාලනයට විරෝධය පළ කරමින් ජාතික කොඩිය සමඟ කළු කොඩියක් ද ඔසවන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රටේ ජනතාව මුහුණ දෙන ගැටලු තව දුරටත් දරාගත නොහැකිවීම තුළ අරගලයට එහා ගිය දැවැන්ත පිපිරීමක ආරම්භය ඉතා ළඟ බවත් 75 වන නිදහස වෙනුවෙන් මුහුදට නිකරුනේ වෙඩි තැබීම වෙනුවට අර්ථවත් කාර්යයක් සිදුකරන ලෙසත් නිදහස් දින සැමරුම දී ජාතික ධජය ඔසවන විට වත්මන් පාලනයට විරෝධය පළ කරමින් කළු කොඩියක් ද ඔසවන ලෙසත් නායක හිමියන් මෙහිදී පැවසුවා.

එමෙන්ම මැටි වළං හා සමාන ජනතාවක් රට තුළ ඉන්නාතාක් දූෂිත දේශපාලනඥයන්ට රජ මඟුල් කමින් මධුසමය ගත කිරීමට හැකියාව පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.