― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාන් අලෙවිය සියයට හැටකින් අඩුවෙයි

පාන් අලෙවිය සියයට හැටකින් අඩුවෙයි

යාපනයේ ජනතාව පාන් පාරිභෝජනය අඩු කිරීමත් සමගම පාන් අලෙවිය සියයට හැටකින් පමණ පහත වැටී ඇති බව යාපනය බේකරි හිමියෝ සඳහන් කරනවා.

පාන් ඇතුලු බේකරි නිෂ්පාදන වල මිල ඉහල යාම නිසා පාන් මිලදී ගෙන පාරිභෝජනය කිරීමට වඩා යාපනයේ ගොවීන් සතු හාල් හා ධාන්‍ය වලින් ආහාර නිෂ්පාදනය කර ගැනීම වඩා ලාභදායී නිසා ඔවුන් පාන් හා ඒ ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිලට ගැනීම අඩු කොට තිබෙනවා.

පාන් අලෙවිය අඩු නිසා යාපනයේ බේකරි හිමියෝ මේ වනවිට රුපියල් සියට හා පනහට ලබා දෙන කුඩා වර්ගයේ පාන් ගෙඩි නිෂ්පාදනය කිරීමට පටන් ගෙන ඇති අතර ඒවා ද මිලට ගැනීමට ජනතාව එතරම් උනන්දුවක් නොදක්වන බව යාපනයේ බේකරි හිමියෝ ප්‍රකාශ කළා.

මේ අතර යාපනයේ ප්‍රධාන පෙලේ බේකරි හතක් පසුගිය කාලය තුළ වසා දමන්නට ඒවායෙහි අයිතිකරු වන පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.