32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැරණි රස්සාව කළ තායිලන්ත තරුණියන් 15ක් අත්අඩංගුවට

පැරණි රස්සාව කළ තායිලන්ත තරුණියන් 15ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, කොළඹ නගරයේ පවත්වා ගෙන යමින් තිබෙන සම්බාහන ආයතන 06ක සේවය කළ තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්බාහන ආයතන 05 ක සේවයේ නිරත වෙමින් සිටි වයස අවුරුදු 30 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතික තරුණියන් 05 දෙනෙකු ඉකුත් 01/18 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් විසින් වටලා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතර සිටි තායිලන්ත ජාතික තරුණියන් සිව් දෙනෙකුගේ වලංගු වීසා කාලය ඉකුත් වී තිබූ අතර අනෙක් තායිලන්ත තරුණිය සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එමෙන්ම කොළඹ හැව්ලොක් පාරේ තුම්මුල්ල මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්බාහන ආයතනයක් ඊ‍යේ (23) දින වැටලූ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරී කණ්ඩායම එහි සම්බාහන වෘත්තියේ නියැලී සිටි තවත් තායිලන්ත ජාතික තරුණියන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරුණියන් ඉකුත් වසරේ නොවැම්බර් මස සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණි වයස අවුරුදු 33 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතිකයන් වන අතර තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනාම ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව අදාළ විමර්ශන කටයුතු නිමා වු සැනින් මෙම තායිලන්ත ජාතික තරුණියන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියමිත බවත් සදහන්.