28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබන්දුලට හා රමේෂ් පතිරණට ඉල්ලා අස්වෙන්නැයි ජනපති කියයි

බන්දුලට හා රමේෂ් පතිරණට ඉල්ලා අස්වෙන්නැයි ජනපති කියයි

දැනට පවතින කැබිනට් ඇමැතිකම්වලට අමතරව ඉදිරියේදී තවත් ඇමැති ධුර තුනක් එකතු වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන්ම රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් දරන ඇමතිවරුන්ට ඔවුන්ට වැඩිපුර ඇති අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දුට කර්මාන්ත අමාත්‍ය ධුරය බොහෝදුරට හිමිවන බවයි වාර්තා වන්නේ.

තවද එස්.බී. දිසානායක හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරුන්ට ප්‍රබල ඇමැති ධුර හිමි වීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.