25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැකෝ මුදල් ලේකම්ගෙන් මැතිවරණයට මුදල් ඉල්ලයි

මැකෝ මුදල් ලේකම්ගෙන් මැතිවරණයට මුදල් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හැකි ඉක්මනින් ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.

දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවත් ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය මාසයේදී ලැබුණු බව එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර් පත් දැනටමත් කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කළේය.