28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන් භාණ්ඩ සොරකම් කළ අයෙක් සූරියපොලදී අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකම් කළ අයෙක් සූරියපොලදී අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකම්වලට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (23) සූරියපොල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසය සඳහන් කළේ මෙම පුද්ගලයා මුතූර් ප්‍රදේශයේ සිදුකළ රන් භාණ්ඩ සොරකම් දෙකක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි. ඊයේ (23) උදෑසන සූරියපොල පොලිස් මාර්ග බධාකයේ දී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී එම රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමට නොහැකිව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලක තිබී රන් වළලු 07ක්, මාලයක්, පෙන්ඩනයක්, තැල්ලක්, අත් පළඳනා 03ක්, මුදු 06ක් සහ කරාඹු ජෝඩු 10ක් තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 24 හැවිරිදි වියේ පසුවන තෝපූර් ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු අද (24) දින මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් වැඩිදුරටත් පැවසුවේ.