― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවට උඩින් යෑමේදී අයකරන ගාස්තු ඉහළට

ලංකාවට උඩින් යෑමේදී අයකරන ගාස්තු ඉහළට

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම ගාස්තු පෙබරවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

සීමා සහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් මෙම ගාස්තු අයකිරීම සිදුකරන අතර 1985 වර්ෂයෙන් පසු මෙම ගාස්තු සංශෝධනය කර නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.