31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවාලච්චේනයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

වාලච්චේනයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

අද (24) සවස හයට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි පමණ වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරෙන් වෑන් රථයේ 80 වියැති රියදුරු සහ මාස 4ක් වයසැති පිරිමි දරුවෙකු මියගොස්, කාන්තාවන් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා.

මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති කාන්තාවන් අතරේ පුත්තලම රෝහලේ සේවය කරන වෛද්‍යවරියක්ද සිටින බව වාර්තා වෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ හලාවත පුත්තලම පාරේ අංක 72/1 ලිපිනයේ පදිංචිව සිටි අයෙක් බව පොලිසිය පවසනවා.

පුත්තලමේ සිට කාත්තන්කුඩිය බලා ධාවනය කරමින් තිබූ වෑන් රථය අක්කරෙයිපත්තු සිට කදුරුවෙල ලෙස දක්වා එමින් තිබූ බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්ද යෑම බවයි පොලිසිය පවසන්නේ.

වාලච්චේන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.