― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැටලීම්වලින් ලංවිම ලක්ෂ 750ක් උපයයි

වැටලීම්වලින් ලංවිම ලක්ෂ 750ක් උපයයි

2022 වසරේදී ලංවිම සිදුකළ වැටලීම්වලින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකළ පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 750ක පමණ මුදලක් අයකර ගැනීමට හැකිවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව විදුලි මීටර ආශ්‍රිතව සිදුකළ වැටලීම් 1,114 කදී රුපියල් හත්කෝටි විසි තුන්ලක්ෂ අනූ තුන්දහස් හාරසිය හැත්තෑ හතරක මුදලක් අයකරගත් බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

එසේම විදුලි රැහැන්වලට කොකු ගසා විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 188 කදී රුපියල් විසි හයලක්ෂ අසූ හත්දහස් එකසිය හැත්තෑ හතක මුදලක් මණ්ඩලය අය කරගෙන ඇති බව විදුලිබල මණ්ඩලය අවධාරණය කළේය.