28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිභාග කාලය තුළ විදුලි කප්පාදුව නවතන්න බැහැ

විභාග කාලය තුළ විදුලි කප්පාදුව නවතන්න බැහැ

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුර විදුලිය විසන්ධි නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නමුත් මේ සඳහා රටේ මූල්‍ය තත්ත්වය බලපා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

ඒ අනුව විභාග කාලය තුළත් විදුලිය විසන්ධි වීම වැළැක්විය නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම කාලය සඳහා අඛණ්ඩව විදුලිය සැපයීමට නම් අමතරව රුපියල් බිලියන 5 ක් වැය වන බව ඛනිජතෙල් තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට දන්වා තිබේ. එම මුදල ගෙවීමට තරම් ආර්ථික ශක්තියක් නැති බව විදුලිබල අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මුදල් නොගෙවා ඉන්ධන ණයට ගතහොත් එය නැවතත් ඉන්ධන පෝලිම්වල සිටින යුගයක් ඇති කරන බවත් පැය 24 පුරාම විදුලිය ලබාදීම සඳහා ගාස්තුව ඉහළ නැංවීමට අදහසක් යෝජනා වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.