23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී

වෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී

රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය පසුගියදා ඒ මහතාගේ නිළ කාර්යාල වටලා පැය 5 ට ආසන්න කාලයක් සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සිද්ධිය සම්බන්ධ වු බවට හදුනාගෙන ඇති වෘත්තිය සමිති සාමාජිකයන් කිහිප දෙනකුගේ නම් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඔවුන් ඉදිරියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන්.