Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsLocalපොල් වගාව විනාශ වෙමින් යනවා - කන්නවත් පොල් නැතිවෙයි - වගකිව යුත්තන්...

පොල් වගාව විනාශ වෙමින් යනවා – කන්නවත් පොල් නැතිවෙයි – වගකිව යුත්තන් නිහඩයි

සුදුමැස්සා නමින් හදුන්වන කෘමි සතුන් සිදු කරන හානිය නිසා පොල් වගාව විනාශ වෙමින් යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 25 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

පොල් වගාව සම්බන්ධයෙන් ඉතාම බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇවිල්ල තියෙනව.

 ජනතාවගේ ජීවත්වීම ගැන කියද්දි අත්‍යවශ්‍යම දේ  හාල් පොල් කියලා කියනනේ  .ආහාර උයද්දී පොල් ඉතා වැදගත් වෙනවා. ලංකාවේ පොල් වගාවට දැන් කාලයක ඉඳලා කෘමියෙක් බෝ වෙලා හානි වෙලා තියෙනවා.මේ 2023 ජනවාරි මාසේ වෙනකොට ලංකාවේ පොල් වගාව වඳ වී විනාශ වී යාමේ අවදානමට ලක් වෙන තරමට ඉතාම වේගයෙන් මේ කෘමි උවදුර පැතිරෙමින් තියෙනවා.

 මිනිස්සු කියන්නේ සුදුමැස්සා කියලා. මේ කෘමියා පොල් වගාවට විශාල වශයෙන් හානි කරමින් යනවා. මේ සුදුමැස්සා ලංකාවට ආපු පළවෙනි අවස්ථාව නෙමෙයි. ලෝකයේ කලින් මේ උවදුර ඇවිල්ලා මේක පාලනය කරපු එකක්.

මේ උවදුර ඇවිල්ල අවුරුදු හතරක් විතර වෙනවා අපිට අහන්න තියෙන්නෙ වගකිවයුතු අය පොල් ගෑවද කියලා.

පොල් සංවර්ධන මණ්ඩලයේ ෆේස්බුක් පේජ් එක එක එක උත්සව පවත්වපු දානවා. ස්ප්‍රේ මැෂින් එකක් හඳුන්වා දුන්නා කියලා දාලා තිබුණා . ඒ උත්සවය පවත්වපු සල්ලි වලින් තව මැෂින් කීපයක් ගන්න තිබුණා.

 අලුත්ම ඩෙඟා වක් නටලා තියෙනවා ඩ්රෝන් යානා වලින් මේවා විදින්න පුලුවන්ද.කියලා.

මේ රසායන ද්‍රව්‍ය ඒ විදිහට විදින්න බෑ. සතා ඉන්නේ පොල් කොළ යට.

 මේ විදියට ගියොත් අන්තිමට කන්නත් පොල් නැති වෙනවා.

 පොල් අපනයනයෙන් ලංකාව ඉතාම විශාල වශයෙන් ආදායම් ඉපයූ ව. සමස්ත කෘෂි නිෂ්පාදනයෙන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක් පොල් නිෂ්පාදනය. සමස්ත අපනයන වලින් සීයට හතක් පමණ තියෙන්නේ පොල් වලින් කරන අපනයන.

 රජය ඇයි මේකට වහාම මැදිහත්වීමක් නොකරන්නේ. මෙච්චර විනාශයක් සිද්ධ වෙද්දී කිසිම පියවරක් නොගෙන බලාගෙන ඉන්නවා.

 රනිල් වික්‍රමසිංහ ලොකු කතන්දර කියනවා එක ප්‍රශ්නයකට වත් උත්තර නැහැ.