― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsසජිත් හා මද්දුමබණ්ඩාරට මාර්තු 31 දක්වා කල් දෙයි

සජිත් හා මද්දුමබණ්ඩාරට මාර්තු 31 දක්වා කල් දෙයි

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු සමගි ජන බලවේගයේ නිලතල දැරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනු කළ පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය අද එම පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට දින ලබා දුන්නා.

මෙම පෙත්සම අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට අධිකරණය මාර්තු මස 31 වනදා දක්වා කල් ලබා දුන්නා.

පෙත්සම්කාර ඩයනා ගමගේ මහත්මිය කියා සිටියේ සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයකට එම බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක සාමාජිකයින් යැයි පෙන්වා දෙන ඩයනා ගමගේ අමාත්‍යවරිය ඔවුන්ට එරෙහිව එම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවතින බවත් පෙන්වා දෙනවා.

ඒ අනුව සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධුර දැරීමට සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට නීතිමය පදනමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සම්කාර ඩයනා ගමගේ අමාත්‍යවරිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.