― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනය ලබාදුන් සහනය මදි - IMF කියයි

චීනය ලබාදුන් සහනය මදි – IMF කියයි

චීනයේ EXIM බැංකුව ශ්‍රී ලංකාවට ලබා දෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට වසර දෙකක ණය සහ පොලී ගෙවීමෙන් ඉවත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීමට චීනය සහයෝගය ලබාදී ඇත.

රොයිටර්ස් පුවත් සේවය උපුටා දක්වමින් සාකච්ඡාවලට සම්බන්ධ පුද්ගලයන් සඳහන් කළේ ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා චීනය ලබාදුන් සහනය ප්‍රමාණවත් නොවන බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සිය සහය පළ කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එවැනි ගිවිසුමක් පිළිබඳ කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බව වාර්තා කර ඇත.

2022 දක්වා ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 7.4ක ණයක් ලබා දී ඇති අතර එයින් ඩොලර් බිලියන 4ක් චීනයේ අපනයන ආනයන බැංකුව හරහා ලබා දී ඇත.

මෙම ණය මුදල ගෙවීම සඳහා ඉදිරි වසර දෙකක සහන කාලයක් ලබාදීමට එකඟ වෙමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර ඇතත් එම ණය කපා හැරීමක් පිළිබඳව සඳහනක් නොමැති බවද එහි සඳහන්.