― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජානකී සිරිවර්ධන අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ජානකී සිරිවර්ධන අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරිමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා
ජානකී සිරිවර්ධන විදේශ ගත වීම සඳහා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට යාමට අවශ්‍ය බව පවසමින් ඇගේ නීතිඥවරුන් අධිකරණයෙන් අද මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේ.