25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව මෙරටින් රත්‍රං රැගෙන ගිය කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටින් රත්‍රං රැගෙන ගිය කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 10ක පමණ වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ශ්‍රී ලංකාවෙන් රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ගුවන්තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විදේශ රටවලින් ගුවන් යානා මගින් චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත විශාල රත්‍රන් තොගයක් රැගෙන යන බවට රේගු නිලධාරීන්ට රහසිගත තොරතුරු ලැබී තිබේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා පියාසර කළ ගුවන් යානයෙන් එරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුගෙන් සැකපිට ප්‍රශ්න කර ඇති අතර ඔවුන්ගේ බඩු බාහිරාදිය සෝදිසි කර පසුව ඔවුන්ව පෞද්ගලික කාමරයකට ගෙන ගොස් පරීක්ෂා කර තිබේ.

එහිදී කාන්තාවන් දෙදෙනා විසින් ඔවුන්ගේ ඇඳුම්වල සඟවාගෙන ආ රත්‍රන් තොගය හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සන්තකයේ තිබී ඉන්දීය රුපියල් විසි පන්ලක්ෂ හැත්තෑ තුන්දහසක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.1ක් පමණ) වටිනා රත්‍රං ග්‍රෑම් 516ක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

තමිල්නාඩු රේගු නිලධාරීන් විසින් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.