31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක්

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක්

මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවත් එම ඖෂධ පරිත්‍යාග කිරීමට කැමති අය පරිත්‍යාග අංශයේ 0777-468503 අංකයට දැනුම් දෙන ලෙසත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවසීය.

වැඩිහිටි හා ළමා රෝගීන් 800ක් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයක් තිබෙනවා. හිඟ ඖෂධ මොනවාදැයි සොයා බැලීමට රෝහලේ පරිත්‍යාග අංශය අමතන්න. මෙම ඒකකය දිනපතා පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා විවෘතව පවතිනවා. රෝහලට උදව් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.