― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද අපිට අදාළ නැහැ

මැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද අපිට අදාළ නැහැ

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද? නැද්ද? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (25) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මැතිවරණය පැවැත්වීම සුදුසුද? නැද්ද? කියලා අදහස් දක්වන්න අපිට අවශ්‍ය නැහැ. ඒක අපිට අදාළත් නැහැ. ප්‍රධාන හේතුව මහ බැංකුව කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතනයක්. මැතිවරණය තියෙන්නේ අපේ රාමුවෙන් පිටත. මැතිවරණ කොමසාරිස්තුමා මටත් ලියුමක් එවලා තිබ්බා. ඇත්තටම විශාල වශයෙන් පෝළිම් තිබෙන කොට අපි කරගෙන යන්නේ අත්‍යවශ්‍ය දේවල්වලට ප්‍රමුඛතාවය දෙන එක. දෙසැම්බර් සිට විදේශ විනිමය ලැබීම වර්ධනයක් තිබුණු නිසා. අපි විසින් මැදිහත් වෙලා විදේශ විනිමය සපයාදීම වෙනුවට අපි කියලා තිබ්බා බැංකුව දැන් සංචිත තිබෙනවා. ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේවල්වලට අවශ්‍ය මුදල් ඒ හරහා ලබාගන්න කියලා. එහෙම ලබාගන්න බැරි වුණොත් විතරක් අපේ තියෙන ඒවාවලින් දෙන්නම් කියලා. ඒක තමයි දැන් යන ක්‍රමය.

දැන් විදේශ විනිමය පැත්තෙන් විශාල හිඟයක් බැංකු ක්‍රමය තුළ නැහැ. මාකට් එකේ සල්ලි තිබෙනවා. මැතිවරණය IMF ක්‍රියාවලියට බලපායි ද කියලා කියන්න මම විශේෂඥයෙක් නෙමෙයි. අපේ පැත්තෙන් අපි දකින්නේ IMF හරහා මේ වගේ සංකීර්ණ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනකොට අමාරු ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීම කවුරුන් හේ රජයක් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වගේ ආර්ථීක අර්බුදයකින් ගොඩ එන්න වේදනාකාරී ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැනට කරගෙන ගිය ක්‍රියාවලිය සෑහෙන්න සාර්ථක වෙලා ඉදිරියට ඇවිත් තිබෙනවා. මේක දිගටම ඒ ආකාරයට ක්‍රියාත්මක වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මැතිවරණය තිබ්බත් නැතත්.

බදු ප්‍රතිපත්තිය යටත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට.රටේ මූල්‍ය ප්‍රතිපත්ති විදිහට තමයි මහ බැංකුව කටයුතු කරන්නේ. අපි විශ්වාස කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රටේ මූල්‍ය ප්‍රතිපත්ති එකට යායුතුයි කියලා. මැතිවරණයට මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරයේ තිබෙන කටයුත්තක්. භාණ්ඩාගාර ලේකම්තුමා ඒ ගැන උසාවියටත් ප්‍රකාශයක් කරලා තිබ්බා. එතැනින් තමයි ඒකෙ පිළිතුර දැනගන්න වෙන්නේ.”