23 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගවලට ඉතාලියේ සහාය

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගවලට ඉතාලියේ සහාය

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතාලි තානාපතිනිය මේ බව සඳහන් කළේ අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී යි.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

දෙරට අතර සංස්කෘතික වැඩසටහන් හුවමාරුව, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මෙන්ම මෙම අසීරු අවස්ථාවේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.