― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා ඉහළට - කෙහෙළිය

මෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා ඉහළට – කෙහෙළිය

ඉදිරි වසර කිහිපය තුළදී මෙරට ඖෂධ නිෂ්පාදනය සියයට 50ක් දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) මෙරට ජර්මානු තානාතිපතිවරයා හමු වූ අවස්ථාවේදීය.

මේ වන විට ඖෂධ නිෂ්පාදනය සියයට 15- 20 ක පමණ තත්වයක පවතින බවත් රටට අවශ්‍ය ඖෂධ සැපයුම ප්‍රමුඛ අවධානයට යොමු කරමින් මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා එහිදී තානාපතිවරයා හමුවේ පැවසීය.

රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහය අයෝජකයින්, නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන් ඇතුළු සියල්ලන් වෙත ලබා දෙන බවත් එමෙන්ම එවැනි ව්‍යාපෘතියක් සදහා මේ වන විට ගිවිසුම් අත්සන් කර ඔවුන්ගේ නිෂ්පාදන පසු මිලදී ගැනීම සදහා වන ගිවිසුම්ද අත්සන් තබා බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

ඒ සදහා උපකරණ ගෙන්වීමේ දී බදු සහන වලින් නිදහස් කිරීම ඇතුළු සහන රැසක් ලබා දෙන බවත් නව ව්‍යාපෘතිය සදහා ආයෝජකයන් 12 දෙනෙකු කර්මාන්තශාලා වෙනුවෙන් ආයෝජනය කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ වන විට මෙරට තුළ වැඩි වශයෙන් සේලයින් නිපදවීම සිදු කරන බවද ඉදිරියේ දී ඖෂධ හා උපකරණ රැසක් නිෂ්පාදනය කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරටට ඖෂධ සපයන රටවල් සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා ඖෂධ සැපයීමේ ප්‍රමුඛ රටක් වන ජර්මනියද ඇතුළත් වන බවයි.