29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරුපියල තරමක් ශක්තිමත් වෙයි

රුපියල තරමක් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසයි.

ඔහු නිකුත් කර ඇතුඉ ලෝකයේ වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකයෙන් මේ බව පෙන්වා දී ඇත.

ඒ අනුව ලොව වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළට පැමිණෙමින් අටවෙනි ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 45.62 කින් අවප්‍රමාණය වී තිබේ.

පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානයට පත්ව තිබූ අතර එම දර්ශකයට අනුව පසුගිය වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම වසරේ ජනවාරි 13 වැනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 47.69 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබුණි.

ඒ අනුව පසුගිය දර්ශකයට සාපේක්ෂව නව දර්ශකයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 2.07 කින් ශක්තිමත් වී ඇත.

#lankadeepa