29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැලිකඩ බන්ධනාගාරය තුළ මහ දවාලේ ලිංගික අතවරයක්

වැලිකඩ බන්ධනාගාරය තුළ මහ දවාලේ ලිංගික අතවරයක්

වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියම වූ රැඳවියෙකු තවත් රැඳවියකුට පෙරේදා (24) මහා දවාලේදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාල සිද්ධියෙන් පසු රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුවේ වැසිකිළියක් තුළදී පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින රැඳවියෙකුට ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

29 හැවිරිදි රැඳවියා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා 29 හැවිරිදි රැඳවියා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියමින් 45 හැවිරිදි රැඳවියකු ගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ රැඳවියන්ගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.