30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියෙන් එළවලු, පලතුරු ප්‍රවාහනය ගැන සවිස්තර වාර්තාවක් ඉල්ලයි

දුම්රියෙන් එළවලු, පලතුරු ප්‍රවාහනය ගැන සවිස්තර වාර්තාවක් ඉල්ලයි

හාලිඇල, ඔහිය, අඹේවෙල, පට්ටිපොල සහ නානුඔය වැනි දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය මැදිරි කිහිපයක් යොදා පර්යේෂණ ධාවනයක් පසුගියදා සිදු කළා.

මගී ප්‍රවාහනයෙන් ඉවත් කර තිබෙන, දුම්රිය මැදිරි 05ක් සුදුසු පරිදි නවීකරණය කර අදාළ පර්යේෂණ ධාවනය සිදුකර තිබෙනවා.

ඒ අනුව දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙසයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

කඩිනමින් දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදය සකස් කරන ලෙසට අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.