27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස සැමරුමට තවත් කෝටි 14ක් ඉල්ලයි

නිදහස සැමරුමට තවත් කෝටි 14ක් ඉල්ලයි

75 වන නිදහස් දින සැමරුම සඳහා රජය විසින් වෙන් කර ඇති රුපියල් මිලියන 200ක මුදල ප්‍රමාණවත් නැති බැවින් තවත් මිලියන 140ක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද මෙතෙක් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මේ සඳහා අනුමැතිය ලබා දී නොමැති බවත් දැනට පවතින මූල්‍ය තත්ත්වය මත වෙන් කළ හැකි උපරිම මුදල රුපියල් මිලියන 200ක් බවත් රාජ්‍ය පරිපාලන පලාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත දන්වා ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

‘නමෝ නමෝ මාතා – සියවසට පියවරක්’ මැයෙන් පැවැත්වෙන මෙම සැමරුම සඳහා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර මේ වැඩ සටහන් සඳහා කලින් ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි වියදමක් යන බවට මුදල් අමාත්‍යංශය වෙත දන්වනු ලැබ ඇත.

රට දැවැන්ත ආර්ථික අර්බුදයක සිටියද 75 වැනි නිදහස් උත්සවය සැමරීම සඳහා විශේෂ ආරාධිතයන් තුන් දහසකට ආසන්න පිරිසකට ඇරයුම් කර ඇති අතර ඔවුන් වෙනුවෙන් ගාලු මුවදොර තාවකාලික කුටි ඉදි කිරීමට පමණක් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැය වූ බව මෙම ඇස්තමේන්තුවල දක්වා ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

#lankasara