31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරාබි රටවලට යන අයට අරාබි භාෂාව ගැන පෙර පුහුණුවක්

අරාබි රටවලට යන අයට අරාබි භාෂාව ගැන පෙර පුහුණුවක්

අරාබි රටවල්වලට යන මෙරට පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් සඳහා අරාබි සංස්කෘතිය හා භාෂාව පිළිබඳ ප්‍රමාණවත් පෙර පුහුණුවක් ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක් ඊයේ (25) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙරට අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති සුහායීර් එම්. එච්. ඩාර් සේයිඩ් මහතා (H.E.Dr. Zuhair M.H. Dar Zaid) සමග සවුදි, ඉරාක හා ඊජිප්තු යන රාජ්‍යයන්හි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු මෙම සාකච්ඡාවට එක් වූ අතර එහිදී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී තිබේ.