― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 2500ක ඉතිරියක්

ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 2500ක ඉතිරියක්

ආනයන අත්හිටුවූ දිනයේ සිට මේ දක්වා කාලය තුල ඩොලර් මිලියන 2500ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන ඖෂධ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ආනයනය කිරීම සිදුවන්නේ මෙම පියවර හේතුවෙන් බවයි.

රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 2022 වසර තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් මෙරට යළිත් ඇති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර ආර්ථික අර්බුද දේශපාලන අර්බුද මැද ගෙවී ගිය 2022 වසරේ ඇතිවූ පීඩාවන් අමතක වූ ආකාරයෙන් ඇතමුන් කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.