28 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ට හා ලලිත් වීරතුංගට සිතාසි

කබ්රාල්ට හා ලලිත් වීරතුංගට සිතාසි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පෙබරවාරු මස 17 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) සිතාසි නිකුත් කළේය.

නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකළ පෞද්ගලික පැමිණිල්ලක් සළකා බැලූ අවස්ථාවේදීයි මෙලෙස ඔවුන් දෙදෙනාට සිතාසි නිකුත් කර ඇත්තේ.

අමෙරිකානු ජාතිකයෙකු වන ඉමාඩ් සා සුබේරි නැමැත්තාට ශ්‍රී ලංකා මහබැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවීමට පියවර ගැනීමෙන් මහබැංකුවට අදාළ මුදල අහිමි වී ඇති බව පවසමින් පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් අදාළ නඩුව ගොනු කර තිබේ.